Friday, November 2, 2018

අපේ නිවෙස් තුල තිබෙන පිළිකා කාරක නිෂ්පාදිතයන් 7ක්

දිනෙන් දින සිදුවන පරිසර දූෂණයත් එක්ක විෂ රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට එක්වෙනවා. ඉතින් මේ විෂ රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂා වෙන්න අපිට අපේ ගෙවල් ඇතුලටම වෙලා ඉන්න තිබ්බනම් හොදයි කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒ කොහොම උනත් අපි නොදැනුවත්ව හරි අපේ ගෙවල් ඇතුලටත් අපි මේ අහිතකර විෂ රසායනික ද්‍රව්‍ය ගෙනත් දාගන්නවා. අපි එදිදෙනා ජීවිතයේදී භාවිතයට ගන්න ෂැම්පු වර්ග, ප්ලාස්ටික් භාණ්ඩ, ඩයි වර්ග, සුවද විලවුන් වගේම රබර් භාණ්ඩ වල අපිට ඉතා හානිදායක රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වනවා. උදාහරණයක් විදිහට පිළිකා කාරක වන ෆරෝමාඩහයිඩ් (Formaldehyde), නයිට්‍රෝබැන්සීන් (Nitrobenzene), මෙතලීන් ක්ලෝරයිඩ් (Methylene Chloride ) විශාල ප්‍රමාණයක් මෙවන් නිෂ්පාදිත තුල අන්තර්ගත වනවා. අපේ නිවෙස් තුල පරිසරය ආරක්ෂාකර ගෙන අපේ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න මේ අහිතකර නිෂ්පාදිත වලින් වැලකී සිටීම ඉතාමත් වැදගත් වනවා. අපි දැන් බලමු අපි භාවිතයෙන් ඉවත් කල යුතු අපට නිතර භාවිතා කරන්න සිදු වන නිෂ්පාදිත හතක් පිලිබදව.
1. සුවද කැවූ ඉටිපන්දම්
අපිට ඉටි පන්දම් වුවමනා වෙන හුගාක් අවස්ථා තියනවා. ඉතින් මේ අපි භාවිතා කරන ඉටිපන්දම් ගැන ඇමරිකාවේ පාරිභෝගික නිෂ්පාදිත ආරක්ෂක කොමිසම (CPSC) මගින් සොයා ගෙන තියන කාරණය තමයි වෙළදපොලේ අලෙවි කිරීමට ඇති ඉටිපන්දම් වලින් 40% ප්‍රමාණයකට පමණ ඉටිපන්දම දැල්වෙන විට සුවදක් හැමීමට ඉටිපන්දම තුල ඇති නූලට ඊයම් යම් කිසි ප්‍රමාණයක් අඩංගු කර ඇති බව. මෙවන් ආකාරයට ඊයම් අඩංගු කල ඉටිපන්දම් භාවිතා කිරීම කුඩා දරුවන්ට ඉතාමත් අහිත කර වනවා. එසේම හෝමෝන ආශ්‍රිත ගැටළු, චර්යාත්මක ගැටළු, මතක ශක්තිය නැතිවීම වැනි විවිධ ආකාරයෙන් ජිවිතයට තර්ජනාත්මක දෑ සිදු වනවා. ඔබ නැවත ඉටිපන්දම් භාවිතා කරන අවස්ථාක මේ භයානක තත්වයෙන් මග හැරීමට මී ඉටි වලින් සකස් කල කපු නූලක් සහිත ඉටිපන්දම් භාවිතා කරන්න.
2. සමහර ෂැම්පු වර්ග
කාන්තාවන් මෙන්ම පිරිමින්ද ෂැම්පු වර්ග බොහෝ විට භාවිතා කරනවා. නමුත් මේ ෂැම්පු වල ශරීරයට ඉතාමත් අහිතකර වන රසායන ද්‍රව්‍ය ඉහල ප්‍රමාණයක් අන්තර්ගත වනවා. මේ හේතුන් නිසා ඔබේ හිසකෙස් පිරිසිදු කර ගැනීමට වගේම හිසකෙස් වල ආරක්ෂාව තහවුරු කර ගැනීමට නිවසේදී සකසා ගැනීමට හැකි ස්වාභාවික පවිත්‍ර කාරකයක් භාවිතා කරන්න.
3. එයා ෆ්‍රෙෂ්නර්
අපේ නිවෙස් සුවදින් තියා ගන්න අපි හැමෝම වගේ ඒයා ෆ්‍රෙෂ්නර් භාවිතා කරනවා. ඒ කොහොම වුනත් අපි බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් තමයි මේ ඒයා ෆ්‍රෙෂ්නර් වල පිළිකා කාරකයක් වන ෆිලේයිට් (Phthalate) වැනි විෂ රසායනික ද්‍රව්‍ය අන්තර් ගත වන බව. මෙම කරුණ ඇමරිකාවේ සාමාන්‍ය සම්පත් ආරක්ෂා කිරීමේ මණ්ඩලය (NRDC) විසින් සිදු කරනු ලැබූ අධ්‍යයනයන් මගින් ඉතා හොදින් තහවුරු කර තිබෙනවා. ඒ වගේම මේ ඒයා ෆ්‍රෙෂ්නර් තුල අන්තර්ගත වන විශාල රසායනික ද්‍රව්‍ය නිසා ශරීරයේ පුනර්ජනනීය ගැටළු ඇතිවී ඇඳුම වැනි රෝග සෑදීමටද බොහෝ ඉඩ තිබෙනවා. මෙවන් හේතුන් නිසා ඒයා ෆ්‍රෙෂ්නර් භාවිතයෙන් ඉවත්වී අපේ නිවෙස් සුවදවත් කර ගැනීමට විකල්ප ක්‍රමයන් අනුගමනය කිරීම අපේ සෞඛ්‍යට ඉතා සුවදායක වනවා.
4. විවිධ පළිභෝද නාශක වර්ග සහ කෘමි නාශක වර්ග
අපේ නිවෙස් වල ඉන්න කරදර කාර කෘමි සතුන්ව පලවා හරින්න අපි විවිධ කෘමි නාශක වර්ග භාවිතා කරනවා. නමුත් මේ කෘමි නාශක වර්ග අපිට වගේම අපි ඇති කරන සුරතල් සතුන්ටත් අහිතකර නොවෙනවා කියල තමයි අපි බොහෝදුරට සලකන්නේ. නමුත් මේ විදිහට අපි භාවිතා කරන කෘමි නාශක වර්ග වල අපිට වගේම සුරතල් සතුන්ටද පිළිකා ඇතිකරන කාබමේට් (carbamates), පැමීත්‍රන් (permethrin ) වැනි පිළිකා කාරක සංරචක බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.
5. තිර රෙදි
අපි නිවසේදී භාවිත කරන තවත් ඉතාම භයානක දෙයක් තමයි ප්ලාස්ටික් තිර රෙදි වර්ග. අපි සාමාන්‍යයෙන් අපේ නාන කාමරයේ ස්නානය කරන ස්ථානය බොදවී පෙනීමට ප්ලාස්ටික් වලින් තැනු ආවරණයක් භාවිතා කරනවා. මෙවන් ආවරණයන් වල පිළිකා ඇති කිරීමට හේතුව වන විෂ රසායනික ද්‍රව්‍යන් වන VOCs විශාල ප්‍රමාණයන්ගෙන් අන්තර්ගත වනවා.
6. චිත්‍ර වර්ණ ගැන්වීමට භාවිතා කරන වර්ණ
සෑම කුඩා දරුවෙකුම වාගේ ඉතා ප්‍රිය කරන දෙයක් තමයි චිත්‍ර පාට කිරීම. නමුත් මේ දරුවන් අතට ලබා දෙන තීන්ත ටියුබ් වර්ග, තීන්ත සමහ එක්කරන ද්‍රාවක, නොමැකෙන තීන්ත අඩංගු පෑන් වර්ග, එපොක්සි (Epoxy) අඩංගු තීන්ත වැනි බොහොමයක් වර්ණ තුල ඉතා හානිදායක පිළිකා කාරක සංරචකයන් අන්තර්ගත වෙනවා. මෙවන් තීන්ත වර්ග කුඩා දරුවන් නිතර භාවිතා කිරීම මගින් සමෙහි සංවේදීතාවය නැති වීමට මෙන්ම විවිධ ලෙඩ රෝග වගේම ඉන්ද්‍රින් හානි විමටද බලපානවා. මේ අහිතකර හේතුන් නිසා ඔබේ දරුවා මෙවන් ක්‍රියාකාරකම් වල නිරත වීමේදී ස්වාභාවික වර්ණ භාවිතා කිරීමට හුරු කරවන්න.
7. දහඩිය දුගඳ නාශක
අපි හැමෝම අකමැති දෙයක් තමයි අපේ අත් යටින් දහඩිය දුගඳ හමන එකට. ඉතින් අපි මේකට ලේසි විසදුමක් විදිහට පුරුදු වෙලා ඉන්නේ ඉතා ලේසියෙන් කුමක් හෝ දහඩිය දුගඳ නාශකයක් භාවිතා කරන එක. නමුත් මේ විදිහට දහඩිය දුගඳ නාශකයක් දීර්ඝ කාලව භාවිතා කිරීම අපේ සෞඛ්‍යට ඉතා අහිත කර වෙනවා. ඉතින් මේ නිසා ඔබගේ දහඩිය දුගඳ නැති කර ගැනීමට ස්වාභාවික පිළියමකට යොමු වීම ඔබගේ සෞඛ්‍යට ඉතා යහපත් වෙනවා.
ඉතින් මේ විදිහට අපි හොදින් දැනුවත් උනොත් අපිට අහිත කර නිෂ්පාදිත වලින් ඉවත් වෙලා අපේ නිවෙස් සෞඛ්‍ය ආරක්‍ෂිත කරගෙන පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්වය ඉතා හොදින් තබා ගන්න පුළුවන්.